Tuesday, August 15, 2017

සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !

සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි ! හරියට අදින් වසර 75 ක පෙර අප්‍රේල් මස 5 වැනි දිනයි ! ආසියා මහද්වීපයේ බලවත් රාජ්‍යයක් වන ජපාන...

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”: වසන්ත කාලය අපිට වගේම ජපානෙටත් හරිම සුවිශේෂයි. වසන්ත කාලය පැමිනීමත් සමගම ජපන් ජාතිකයින් බලාගෙන ඉන්නේ “හනමි” අත්සවය සමරන්න. මොකක්ද මේ “හනමි” උ...

Thursday, August 10, 2017

මරණයට අතවනන රමණීය වන අරණ ඔකිගහරා !!! (青木ヶ原)One of the most popular destinations for Suicide!



මරණයට අතවනන රමණීය වන අරණ ඔකිගහරා !!! 

(青木ヶ原)One of the most popular destinations for Suicide!











ෆුජී ගිණි කන්ද එහෙම නැත්නම Mr. Fuji ෆුජී සන් වලට වයඹින් පිහිටි වර්ග කිලෝමීටර් 35 ක තරම් විශාල වන ගනත්වයකින් පරිපූර්ණ හරිත බිම ජපානයට පමණක් නොවෙයි ලෝකයටම සුවීශේෂ බිමක්. ලෝකයේම අවධානය දිනාගත්තු මේ අපූරු බිම සුවිශේෂ වෙනනේ එහි පිහිටි ජෛව විවිධත්වය යටිවියන් සහිත ගණව වැඩුනු සදාහරිත ගස්වැල් එහෙමත් නැත්නම් ෆුජී ගිනිකන්ද විධාරණයෙන් බිහි වුනු ලාවා ලෙන් ලාවා මිශ්‍ර‍පස වගේම මෙහි ජීවත් වෙන වන සතුන් නිසාවත් නෙවෙයි මේ භූමිය එහෙමත් නැත්නම් ඔකිගහරා වඩාත්ම කතා බහට ලක්වෙන්නේ ලෝකයේ සියදිවි නසා ගැනීමට සුවිශේෂ වනාන්තරයක් වීම නිසයි.

ඇත්තටම මේ ගෙවන ජීවිතය ඔබට එපා උනොත් එහෙමත් නැත්නම් ඔබට මේ ජීවිතයට සමුදෙන්න හිතුනොත් ඒකට සුදුසුම තැන ඔකිගහාරා කියලයි සමහරුන් කියන්නේ. මේ හේතුව නිසාම ඉතා රහසිගතව ලෝකයේ නොයෙක් ප්‍රදේශ වලින් ජීවිතයට සමුදෙන්න ඔකිගහරා කරා මිනිසුන් එනවා. මේ ගුප්ත බව කැටි වුනු වනාන්තරයට ඇතුල් වනවාත් සමගම බාහිර ලෝකය සමග තිබෙන සම්බන්ධකම් සහමුලින්ම බිඳ වැනෙ බවයි සඳහන් වෙන්නේ. මෙවැනි බිඳවැටීමක් ඇති කරන්න තරම් අද්භුත බලයක් මේ වනාන්තරය සතු වීම නිසාම නොයෙක් නම් ඊට පටබැඳී තිබෙනවා. ෆුජී ගිනිකන්ද යමහල් විදාරනය මගින් ඇතිකල භූ විෂමතා හේතුවෙන් ලාවා මිශ්‍ර‍පස සතු චුම්බක බලයක්  මෙම අද්භූත ක්‍රියාදාමයන්ට උදව් සපයන බවත් පැවසෙනවා.
ලෝක යුද්ධයේ අවසාන කාලයේදී ජපානය දරුණු පරාජයන්ට හිමිකම් කියන්නේ සමාජීය ආර්ථික සියලු දේ නැත්තටම නැති කරගෙන හිරෝෂිමා නාගසාකි ප්‍ර‍හාරයන් තුලින් අතපය අහිමි වුනු පිලිස්සුනු ඇස් අන්ද වූ ද ජීවිතය එපා වුනු අය ඔකිගහරා කැලයට ගිය බවත් සමහරුන් බලෙන් එම කැලයට ගෙන ගොස් දැමූ බවත් සඳහන් මෙහිදි ඔවුන් සියදිවි හානි කරගත් අතර බොහෝ දෙනා සතුන්ගේ ගොදුරු බවට පත් වූ බව ඉතිහාස කතා මතක් කර දෙනවා. ඔවුන්ගේ ආත්ම වල දෝංකාරය අද පවා මේ තුලින් මතුවන බවයි පැරණන්ගේ අදහස.

කොහොම වෙතත් ජපානයේ සියදිවි හානිකර ගැනීම පිලිබඳව වෙනම කියවීමක් තියෙනවා. සමුරායි වරුන් ඔවුන්ගේ බ්‍ර‍ඩෝ එහෙම නැත්නම් way of life නිතියට පටහැනි යමක් තමන් අතින් සිදු වුවහොත් සිතුප්පු නැත්නම් හරාකිරි ක්‍ර‍ම වේදයකට අනුව බව කපාගෙන මැරෙනවා suicide is quite permissible in Japanese society something honorable that is even glorified.  මරණය බිදෙන සුළු ජිවිතයට උචිත වු මතකයන් ප්‍ර‍දානය කර දීමක් ලෙස දකිනවා. මේ නිසාම වර්තමානයේදි පවා සියදිවි හානිකර ගැනීම අනිකුත් ජපානය ඉන්නේ ඉහල තැනක. ඔකිගහරා වනාන්තරය හා බැදුන අපුරු පුරාවෘත්ති මේ සුවිශේෂ කැලය තරම්ම අපූරුයි. ජපන් ජනවහරේ එන මිත්‍යා කතා වල චරිතයක් වුනු “යූරි ” හෙවත් කෝපාවිශ්ඨ ආත්ම සමග මේ වනාන්තරයට ඇත්තේ දැඩි සම්බන්ධතාවයක් මේ කුපිත වූ භූතයන් ඔකිගහරා වනාන්තරයේ සැරිසරණ බව තවමත් ඔවුන් විශ්වාස කරනවා.
See of trees හෙවත් රුක් මුහුද ලෙස හැදින්වෙන් ඔකිගහරා කැලය ලෝකයේ සියදිවි හානිකර ගන්නා ස්ථාන අතරින් දෙවැනි තැනට පත්වෙනවා ප්‍ර‍ධාන තැන හිමි වන්නේ සැන් ප්‍රැන්සිස්කෝ වල ගෝල්ඩන් ගේට් පාලමට එයින් මුහුදට පැන සියදිවි හානිකරගන්නා පිරිස මීට වඩා වැඩියි. වසරකට සියයකට වැඩි පිරිසක් ඔකිගහරා වනය හරහා ජීවිතේ අවසන් ගමන් යනවා.

දවසක ඔකිගහරා යන්න කලින් කලයුතු බොහෝ දේ තියනවා. මෙහි අපූර්වත්වය නීතියෙන් විඳගන්න
ඕනෙ නමි

See of Trees (directed by Gus Van Sant and written by Chris Sparling.)
The Forest (directed by Jason Zada and written by Ben Ketai)
Vice – Documentary (2012)

චිත්‍ර‍ටිත් බලලම හිටියොත් හොදයි ! තවත් වැඩි පුර ආස නම් ලෝක ප්‍ර‍කට ජපන් ලේඛක Selcho matsumoto මහත්තයාගේ Kuroi jukai (Tower of Waves 1960) පොත විශේෂ සම්බන්ධතාවයක් ඔකිගහරා කැලයත් සමග බැදිලා තියෙනවා. ඔකිගහරා කැලයට පැමිණ සියදිවි හානි කරගන්නා පිරිසට මේ තුලින් උත්තේජනයක් ලැබුන බවයි කියවෙන්නේ එයට ප්‍ර‍ධාන හේතුව වුනේ මෙම නවකතාවේ එන පෙම් යුවල ඔවුන්ගේ ජීවිත අවසාන කරගන්න තෝර ගත්තෙත් මේ ඔකිගහරා කැලයම වීම.


මීට අමතරව වතුරු සුරුමුයි (Wataru Tsurumui) මහත්තය 1993 දි අමුතු පොතක් ලියනවා. නම තමයි The complete Suicide Manual සිය දිවි හානි කරගැනීමට යන අයෙක් කියවිය යුතුම පොතක් ලෙසයි සැලකෙනනේ, මේ තුල නිසි ක්‍ර‍මවේදයක් මගින් තමන්ගේ ජීවිතය නැතිකර ගන්නා ආකාරය විස්තර කරනවා.  ඔකිගහාරා යන සියදිවි හානි කරගත් අය අතර තිබුනු ලිය කියවිලි අතර මේ කෘතිය බොහෝවිට හමු වී තියෙනවා. නිවැරදි ආකාරයට බෙල්ලට තොන්ඩුව දා ගන්නා ආකාරය පවා මෙහි සඳහන් කෙසේ වෙතත් මේ පොත තුලිනුත් ඔකිහාරා සියදිවි නසා ගැනීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙස සඳහන් ඔකිගහාරා තුල හමුවන මළ සිරුරු පරික්ෂා කිරිමේදී වැටහි යන කාරනයක් නම් සියදිවි හානි කර ගැනීම සඳහා බොහොමයක් විට ඔවුන් භාවිත කර ඇත්තේ බෙල්ලේ වැලදා ගැනීම නැත්නම් අධිමාත්‍රා සහිත බෙහෙත් භාවිතා යයි. කෙසේ නමුත් සියදිවි හානි කර ගැනීම පහසු කටයුත්තක් නොවෙයි. ජපානයේ පොලිස් වාර්තාවලට අනුව දිනගනනක් දුක්විද මරණයට පත්වන අය ගැන සඳහන් වෙනවා.
ඔකිගහාරා පැමිනෙන ජීවිතය එපා වූවන් සඳහා වනාන්තරයට ඇතුල්වන ස්ථානයේම කියවීම සඳහා අපුරු වැකි ප්‍ර‍දර්ශනය කර තිබීම දැක ගත හැකිය.

Your life is a precious gift from your parents!

“ ඔබගේ ජිවීතය දෙමව්පියන්ගෙන් ලද වටිනා තෑග්ගකි ඔවුන් ගැන සිතන්න ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ගැන සිතන්න ඔබ හුදකලාව විඳවීමට අවශ්‍ය නොවේ අවට ඇති ඕනෑම දුරකථකන කුටියකින් පහත දුරකථන අංකය අමතන්න. ඔබ වෙනුවෙන් උදව්ළුට අප පැමිණෙන්නෙමු. ”
මීට අමතරව නූලක් මගින් මෙහි අතරමං නොවීම සඳහා ගස් අතර ඇද තිබෙනු දැකිය හැකියි. එහෙත් එය අපට දැක ගත හැක්කේ වනාන්තරයේ සැතපුම් කිහිපයක් තුලට පමණි. ජපානයේ මුදල් වරගය අවසන් වන මාර්තු මාසයේ සියදිවි නසා ගැනීම් වල ඉහල යෑමක් දැකගත හැකියි.
කෙසේ නමුත් ඔකිගහාරා වනාන්තර තුල සියදිවි හානි කර ගන්නා ප්‍ර‍මාණය පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකර සිටිමට ජපානය වග බලා ගන්නේ මේ තුලින් ඇති වයි හැකි ප්‍ර‍වනතාවය බරපතල විය හැකි නිසයි. කෙසේ වෙතත් ලෝකයේ පරිසර පද්ධතින අතර මේ හරිත වනාන්තරය අනෙකුත් වනාන්තර වලින් වෙනස්ව කැපී පෙනෙනෙවා. ජුලියා රොබට්ස් වරෙක සඳහන් කරනවා. මේ පරිසරය මිනිසාට අවශ්‍ය වුවත් පරිසරයට මිනිසා අවශ්‍ය නොවන බව. මේ නිසාම ඔකිගහාරා වනාන්තරය සියදිවි හානි කරගන්නා මිනිසුන්ට පිළිතුරු නොදි ඔකිගහාරා නිසොල්මන්ව බලා සිටිනවා .

Monday, July 17, 2017

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”: වසන්ත කාලය අපිට වගේම ජපානෙටත් හරිම සුවිශේෂයි. වසන්ත කාලය පැමිනීමත් සමගම ජපන් ජාතිකයින් බලාගෙන ඉන්නේ “හනමි” අත්සවය සමරන්න. මොකක්ද මේ “හනමි” උ...

Monday, June 26, 2017

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”: වසන්ත කාලය අපිට වගේම ජපානෙටත් හරිම සුවිශේෂයි. වසන්ත කාලය පැමිනීමත් සමගම ජපන් ජාතිකයින් බලාගෙන ඉන්නේ “හනමි” අත්සවය සමරන්න. මොකක්ද මේ “හනමි” උ...

Sunday, June 18, 2017

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”

සමන් ගිර: “තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”: වසන්ත කාලය අපිට වගේම ජපානෙටත් හරිම සුවිශේෂයි. වසන්ත කාලය පැමිනීමත් සමගම ජපන් ජාතිකයින් බලාගෙන ඉන්නේ “හනමි” අත්සවය සමරන්න. මොකක්ද මේ “හනමි” උ...

සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !

සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි ! හරියට අදින් වසර 75 ක පෙර අප්‍රේල් මස 5 වැනි දිනයි ! ආසියා මහද්වීපයේ බලවත් රාජ්‍යයක් වන ජපාන...

Wednesday, June 14, 2017

“තුරු හිස් සිසාරා පිපෙයි සුන්දර සකුරා ! ”

වසන්ත කාලය අපිට වගේම ජපානෙටත් හරිම සුවිශේෂයි. වසන්ත කාලය පැමිනීමත් සමගම ජපන් ජාතිකයින් බලාගෙන ඉන්නේ “හනමි” අත්සවය සමරන්න. මොකක්ද මේ “හනමි” උත්සවය. හනමි උත්සවය කියන්නේ ජපන් ජාතිකයින් වසරක් පාසා උත්සවාකාරයෙන් සමරන සකුරා මල් පිපෙන හැටි නරඹන සකුරා ගස් අතර ගෙවන කාලයට දුන්නක හැඩය ගත්තු ජපානයට වසන්තය එළඹෙන්නෙත් හමරිම අපුරු ආකාරයට අඩ සඳක හැඩය ගත්තු මේ අපුරු දිවයිනේ මුලින්ම සකුරා පිපෙන්න ගන්නේ පහල කොටසේ මාර්තු මාසේ මැද විතර වෙනකොට ජපන් දූපත් වල පහල කොටසේ සකුරා වසන්තය ඇරඹෙනවා. ඒකත් හරිම අපුරුයි හරියට ටකේමට දිනය වෙලාව ජපානයේ රෑපවාහිනි නාලිකාවල ප්‍ර‍කාශයට පත් කරනව කැමරා අටවගෙන සකුරා ගස් යටට වෙලා හා පුරා කියල පිපෙන සකුරා පොහොට්ටු දිහා ඇස් දල්වගෙන බලා ඉන්නව ජපානයේ කාලගුණ තොරතුරු මධ්‍යස්ථානය හරියටම මුලින්ම සකුරා මල් පිපෙන ප්‍ර‍දේශ හට් කරනව දකුනේ කියුපු දූපතෙන් ආරම්භ වෙන මෙම මනස්කාන්ත සුන්දරත්වයේ අවසානය සටහන් වෙන්නේ උතුරේ හිම මිදෙන හොකයිඩෝ වලින් මුලින්ම පුංචි පෙති පිහිදල ඉර එළියට හිනා වෙන සකුරා මල් ජපන් යුවතියන් තරම්ම සුන්දරයි. මුලින්ම පිපෙන්නේ පෙති දෙකේ සකුරා පොකුරු වලින් තුරු හිස් පිරෙන්න ගන්නව.


සකුරා මලේ නිජ භූමිය විදියට සැලකෙන්නේ හිමාල කදුකරය ජපානයේ විතරක සකුරා වර්ග 300 විතර දැකගන්න පුලුවන් මේ අතුරින් යමා, ඔෂීමා, කසුම් සකුරා විශේෂ ප්‍ර‍ධාන තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් සකුරා මලට පෙති පහයි. ඇතැම් වර්ග වල ඊට වැඩිය. පෙති අග්ගිස්ස කාන්තවකගේ තොල්පෙති වගේ දෙකට බෙදිලා සිනිදුවට තියෙනවා. යොෂිනො කදුකරය සුදු සකුරා වලට ප්‍ර‍සිද්ධයි. ඊට අමතරව ටොකියෝ සෙන්ඩායි, නගෝයා, ටකයාමා, කනගාවා, කියොතේ, ඔසාකා, හිරෝෂිම, ප්‍රදේශ සකුරා නරඹන්න ප්‍ර‍සිද්ධ නගර වෙනවා.
සකුරා නරඹන “හනමි” උත්සවය ඉතාමත් උත්සවග්‍රයෙන් නරඹන්න ජපන් ජාතිකයින් අමතක කරන්නේ නෑ. පවුලේ සියලු දෙනාම කැටුව සකුරා උයන්වලට ඇදෙන්නේ ඉතාමත් සතුටින් සකුරා ගස්යට එළා ගත්තු පැදුරු වල වාඩිවෙලා සතුටු සාමිචියේ ගතකරන්න ඔවුන් ඉතා කැමතියි. ආදරණීය පෙම්වතුන් සුන්දර සකුරා ගස් යට වාඩිවෙලා ඔවුන්ගේ අනාගතය ගැන සිහින මවනවා. එතකොට ලස්සන සකුරා පෙත හැලිල ඔවුන්ට ආශිර්වාද කරනවා. සකුරා මල් දෙවියන්ගෙන් ලද දායාදයක් ලෙසයි සලකන්නේ ඔවුන් සකුරා පෙති පාගන්න පවා අකමැතියි. ඔවුන් විශ්වාස කරනව ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් සකුරා ගස් යටදි අතුරුදහන් වන බව තරුණයෝ සකුරා උත්සවය සමරන්න යද්දි සකේ බෝතලයක් රැගෙන යන්න අමතක කරන්නේ නෑ. සකුරා ගසක් යට මිය යාමත් වාසනාවක් ලෙස සලකන ජපන් වැසියන් ඒ තුලින් ඊලග ආත්මය ඉතා යහපත් එකක් වන බව විශ්වාස කරනවා. සකුරා මල දිහා බලාගෙන අනිත්‍ය මෙනෙහි කරන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ඉතාම සුන්දරව පිපෙන සකුරා දින හතක වැනි කෙටි කාලයක් තුල පිපිල පරවෙලා යනවා. ගංගා දෙපස වතුරට වැටෙන සකුරා මල් යායවල් බලන්න ලස්සනයි. රෝස පාට සුදු පාට පෙති වතුරට වැටිල පාවෙනව ඒ වැද්දෙන් ඔරු පැදගෙන යන්න ඒ සුන්දරත්වය විදින්න “හනමි” කාලයට විදේශිකයන් මේ අපුරු දිවයිනට එන්නේ ඉතා සතුටින්.


ඇත්තටම සකුරා පොහොට්ටු හටගන්න පටන් ගන්නේ සීතල සැප්තැම්බර් මාසේ පොහෝට්ටු හැදිලා ඉක්මනට පිපෙන්නේ නැතුව ඒ ගොල්ලෝ දිගු නින්දක් නිදා ගන්නව සිත කාලෙ පුරාම ඔන්න සීත කාලන් පස්සේ ඉර එළිය වැටෙන්න ගන්නව වසන්තය උදාවත් සමගම ජපානය සකුරා මල් ලක්ෂ ගනනින් සුන්දර දිව්‍ය ලෝකයක සිරිය මවනවා.
1967 ඉදන් ජපන් යෙන් කාසියේ එක පැත්තක සකුරා මල දැකගත හැකියි. ඒ විතරක නෙමෙයි ජපන් සංස්කෘතිය කලාව සිනමාව නාට්‍ය ගීත සියලු දේ තුල සකුරා මල් වලට තියෙන්නේ විශේෂ තැනක්.
මුලුතැන්ගෙයි ඉදල ආලින්දය දක්වා බිත්ති සැරසිලි පිගන් භාණ්ඩ, ගෘහ භාණ්ඩ ඇතිරිලි කිමෝනා වල විතරක නෙමෙයි ජපන් ජාතිකයින් කෑම කන හෂි උන කූරු වල පවා සකුරා ලාංජනයක් දැකගත හැකි වෙනවා. ජපන් ජාතිකයින් හා සකුරා අතර තියෙන්නේ ගහට පොත්ත තරම් සමීප අවියෝජනීය සම්බන්ධතාවයක්. වර්තමානයේ පවා ජපන් දරුවන්ට “සකුරා” ලෙස සම් තැබීමට ජපන් මව්පියන් කිසිවිටෙකත් මැලි වෙන්නේ නෑ.
ජපානයේ දරුවන් හා හා පුරා කියල ඉස්කොල් යන්න පටන් ගන්නේ මේ සකුරා වසන්තයත් එක්කමයි. ඉතින් ලස්සනට මල් පිපිනු සකුරා පහක් යට අලුතින්ම පාසැල් යන බබාවතියල ලස්සන පින්තූරයක් ලන්න ඔවුන් අමතක කරන්නෙ නෑ. ඔවුන් ලොකුවේද්දී ඒ සුන්දර පින්තූර දිහා බලල සතුටු වෙන්නේ සකුරා මල් පිපිල හිනාවෙනව වගේ සතුටකින්.
“හනමි” වසන්තය නිමා වෙන්නේ සතුට මුසු වෙච්ච දුකකුත් එක්ක. දවස් හතරක් පහක් තුරු මුදුන් වල හිනා වෙවී හිටපු සකුරා කාටත් කොකිය පුංචි හුලගිකිනුත් පෙති බිම හලන්න පටන් ගන්නොව.
කෝටි ගානක් සකුරා පෙති පලසක් වගේ ජපානයේ මං මාවත් පාට පාට පෙති වලින් සරසනවා ඉතිං සුන්දර සකුරා මල් සුලු කාලයක් ලස්සනට ජීවත්වෙලා පරනවෙනකොට ජීවිතේ සුන්දරත්වය තුල අස්ථීරතාවය රැදිල තියෙනව කියල ජපන් ජාතිකයින්ට පමණක නොවෙයි. මුලු ලෝකෙම අපි කාටත් කියලා දෙනවා.




Monday, April 3, 2017

ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !






ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !

හරියට අදින් වසර 75 ක පෙර අප්‍රේල් මස 5 වැනි දිනයි ! ආසියා මහද්වීපයේ බලවත් රාජ්‍යයක් වන ජපානය කොළඹට බෝම්බ දැමීම සිදුකර අප්‍රේල් මස 5 වැනිදාට වසර 75 සපිරෙයි. දෙවන ලෝක යුද්ධ සමය වන විට ජපානය ඉතා බලසම්පන්න රටක් ලෙස කීර්තියක් අත් කරගෙන සිටි අතර 1942 වසර වන විට ආර්ථික හා යුධමය වශයෙන් ජයග්‍ර‍න රාශියක් අත්කරගෙන සිටියේය. එවක පැවති යුරෝපීය අධිරාජ්‍යවාදයට පරාජය කල නොහැකි බලයක් සහිතව ඔවුන්ට අභායෝගයක්ව ඉදිරියට පැමිනියේය. අත්ලාන්තික් සාගරයේ සිට ඉන්දීය සාගරය දක්වා තම බලය තහවුරු කල ජපානය 1942 වර්ශයේ මැද භාගය වන විට යුරෝපයේ එවකට යටත් විජිතයක්ව පැවැති සිංගප්පූරුව ජාවා සුමාත්‍රා ආදී අග්නිදිග ආසියානු රටවල් තම අනසකට නතු කර ගත්තේය. බ්‍රිතාන්‍යයේ එවකට වැදගත් හමුදා මූලස්ථානයක වූ සිංගප්පූරුව අල්ලා ගැනීමත් සමග දකුණු ආසියාවේ බලය ජපනුන් අත්පත් කරගැනීමට පෙලඹීම ඔවුන්ට නුරුස්සන කාරනයක් විය. බ්‍රිතාන්‍ය වහා ක්‍රියාත්මක වෙමින් හමුදා කදවුරක් කොළම ස්තාපිත කිරීමට කටයුතු කලේය. බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඉන්දියන් සාගරයෙන් පලවා හැර ඉන්දියාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිත තම යටතට පත් කරගැනීමට ජපානයේ සැලසුම විය. එහිදි එයට ප්‍ර‍ධාන බාධකය ලෙස ලංකාවේ ස්ථාපනය කරන ලද හමුදා කදවුර බාධාවක්ව පැවතියේය. මෙම ගුවන් හා නාවුක කදවුරට පහර දීම සදහා ඉතා සැලසුම් සහගත සැලැස්මක් ඔවුන් විසින් සකස් කරන ලදි.
රාජකීය ගුවන් හමුදාව ලංකාව අවට මුහුදේ ආරක්ෂාව සදහා කන්ඩායමක් යොදවු අතර 1942 අප්‍රේල් 4 වැනිදා ජපනුන් විසින් පහර දීමට සියලු සැලසුම් සකස් කරගෙන සිටියේය. එය ඉතා සැලසුම් සහගත සැලැස්මක් වූ අතර ඒ සදහා ඇමරිකාවේ පර්ල් හාබර් වරායට පහර දීමට සම්බන්ධ වූ විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් තෝරා ගන්නා ලදී.
කොමාන්ඩර් මිට්සුවෝ ප්රෂිඩා ගේ මෙහෙය වීමෙන් ජපන් ගුවන් යානා කොළඹට ලඟා වුයේ පාස්කු ඉරිදා යෙදි තිබුණු 1942 අප්‍රේල් මස 5 වැනි දින උදේ 7.30 ටයි. මෙම ප්‍ර‍ාරය සදහා ගුවන් යානා සමුහය තුල ප්‍ර‍හාරකයින් 36 දෙනෙක්ද දිය යටින් බෝම්බ පුපුරවන්නන් 90 දෙදෙනෙක්ද වූහ. පර්ල් වරායට හා ඩර්වින් නගරයට ප්‍ර‍හාර එල්ල කරමින් සාර්ථක හමුදා නායකයෙකු වූ කොමාන්ඩර් ප්රෂිඩා යනු ජපන් යුද්ධ ඉතිහාසේ නොමැකෙන නමක් සටහන් කල වීරයෙකි.
1942 අප්‍රේල් 04 වැනි දින හවස් කාලයේ මුර සංචාරය සිදු කිරීමට නියමිතව සිටියේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු මු ස්කොඩ්රන් ලීඩර් ලෙනාඩ් බ්රිවෙල් හටය. ලංකාවට නැගෙනහිර මුහුදේ ඈත කිසියම් යාත්‍රා පෙලක් ලංකාව දෙසට පැමිනෙන අයුරු දුටු ඔහු වහාම උද්ගතව ඇති තත්වය පිළිබදව කොළඹට රේඩියේ තරංග පිනිවිඩයක් යැවීය. ඒ සමගම ජපන් හමුදාවේ ප්‍ර‍හාර ඔහුගේ ගුවන් යානය කරා හබා ආවේය. මෙහිදි ගුවන් පනිවිඩ බාර නිලධාරියා තුවාල ලැබු අතර ගුවන් යානයට දැඩි හානි සුදුවිය. 
ජපන් හමුදා අද්මිරාල් ඩුයිචි නගුමෝ ප්‍ර‍මුඛ ජපන් ආක්‍ර‍මික හමුදා ඛන්ඩය අකාගි, හයාරු සහ සොර්යු යන නැවි ප්‍ර‍ාරය සදහා පැමිනියේය. ගුවන් යානා හයක් රදවාගෙන යා හැකි විශාල ලෝහ ආවරණයක් සහිත යුද්ධ නෞකා හතරක් වේගයෙන් ධාවනය කල හැකි යුධ නැවි තුනක් ප්‍ර‍හාරක ගුවන් නැව් තුනක් සහ ඕනෑම ස්ථානයකට රැගෙන ගිය හැකි ගුවන් යානා තුන්සියක් සහිතව ඔවුන් පැමිනියේය. 
පාස්කු ඉරිදාවක් වූ අප්‍රේල් 5 වැනිදා කතෝලික ජනතාව මහත් භක්තියන් බොරැල්ල ශාන්ත ලූකස් දේවස්ථානයට රැස්ව සිටියේය. මේ කිසිත් නොදත් ඔවුන් සුපුරුදු පරිදි තම දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි අතර හරියටම උදැසන 7.30 ට පමණ මහා පිපිරුම් ශබ්දයක් සහිතව විශාල යමක් දේවස්ථානය අදර පුපුරා ගියේය. ගුවන සිසාරා සටන් ක්‍රියාත්මක විය. කොළමට ඉහල අහස ඉතා බියකරු ස්වරූපයක් ගත් අතර ජනතාව භීතියට පත් විය. ජපනුන්ගේ අරමුණ වූයේ වරායේ ස්ථානගතව තිබූ බ්‍රිතාන්‍ය නාවික බලයට ප්‍ර‍හාර එල්ල කිරීමයි. රේස් කෝස් පිටියේ බ්‍රිතාන්‍ය හමුදා සේනාංක ක්‍රියාත්මක වී සතුරාට පහර දීමට සුදානම්ව සිටියේය. මෙහිදී වැරදීමක් නිසා ඉතා අවාසනාවන්ත තත්වයක් උදා වූයේ අංගොඩ මානසික රෝහල් පරිශ්‍ර‍ය තුලයි. කොලොන්නාව තෙල් ටැංකි සදහා ප්‍ර‍හාරය වැරදීමෙන් අංගොඩ මානසික රෝගින් 20 දෙනෙකුගේ ජීවිත විනාශ විය. එදින මියගිය ගනන 37 ක් ලෙස සදහන් විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල බෙල්ලන්විල පිටකෝට්ටේ හොරණ ගාලු මුවදොර පිටිය හා කොළඹ රේස් කෝස් පිටිය යන ස්ථාන වලින් ගුවන් යානා වල විනාශ වූ කොටස් සොයා ගැනීමට හැකිවිය. 
කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ හෙක්ටර් නැමැති වේගයෙන් යාත්‍රා කලහැකි යුධ නැවක් සහ ටෙනෙඩොස් නැමැති යුද්ධ නැවක් ජපනුන්ගේ ප්‍ර‍හාර හමුවේ විනාශයට පත්ව ගියේය. කොළඹට දකුණු දෙසින් දෑතින් නවතා තිබූ කොන්බෝල් සහ ඩොසෙට්ෂයර් නැමැති යුද්ධ නැවක් ජපනුන්ගේ ප්‍ර‍හාර හමුවේ විනාශයට පත්ව ගියේය. කොළඹට දකුණු දෙසින් ඈතින් නවතා තිබූ කොන්බෝල් සහ ඩොසෙට්ෂයර් නැමැති නැවි ජපනුන්ගේ ප්‍ර‍හාර හමුවේ විනාශයට පත් විය. ආසන්න වශයෙන් 500 ක පමණ මුහුදු යාත්‍රා කරුවන් මෙහිදි මරණයකට පත්විය H M S Hermes නැමැති රාජකීය නෞකාව මඩකලපුවේදී ගිල්වා දැමීම නිසා 3007 දෙනෙකු මරණයට පත්විය.
ජපන් යුධ ශිල්ප ක්‍ර‍මයේ අති බිහිසුනු ක්‍රියාදාම සිදුකල “කමකසී මරාගෙන මැරෙන ගුවන් නියමුවන් යොදාගෙන සුදුකල අති බිහිසුනු ක්‍රියාන්විතය ප්‍ර‍ථම වරට china bay තෙල් ටැංකි පුපුරුවා හැරීම තුලින් දැකගතහැකි විය. මේ සදහා ටොකියා ගොටෝ සහ සුටුමු මොෂිරා සහභාගි විය. අප්‍රේල් 9 වැනිදා ප්‍ර‍හාරයක් ත්‍රිකුනාමලයට එල්ල විය. වරායේ නවතා තිබු එච් එම් එස් හර්මිස් එච් එම් එස් හොලිගොත් සහ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් එච් එම් එස් වැම්පයර් නෞකා මුහුදු බත් විය. තෙල් ටැංකි වලට සිදුකරන ලද මරාගෙන වැරෙන ප්‍ර‍හාරයේ යානාවේ කොටස් ත්‍රිකුනාමලය හබරණ පාරේ 4 වැනි සැතපුම් කනුව ආසන්නයෙන් සොයාගෙන තිබේ. තෙල් ටැංකිය දවස් 7 ක් පුරා ගිනගෙන දැවුනු බව සදහන් වෙයි. 
සේනාංක නායක ලෙනාඩ් බර්ඩෝල් යුධ සිරකරු වෙකු ලෙස ජපානයේ වසර ගනනාවක් ගත කිරීමෙන් පසුව කැනඩාව බලා පිටත්ව ගියේය. පසු කාලයක ඔහු ලංකාවයට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ගුවනේදි පළමුවරට ප්‍ර‍හාරයකට ලක්වන්නේ ඔහුගේ ගුවන් යානය වීමද විශේෂ සිදුවීමකි.
මෙම සුවිශේෂ ප්‍ර‍හාරය ජපානය විසින් සිදුකරනු ලබන්නේ පර්ල් වරායට ප්‍ර‍හාරය සිදුකර හරියට දින 119 පසුව වීමත් සුවිශේෂයි. ලංකාවට අතිශයෙන් තීරණාත්මක රේඩියෝ පනිවිඩය ලබාදුන් ලෙනාඩ් බර්ඩොල් සහ ඔහුගේ කන්ඩායම යුද්ධයෙන් පසු ඉහල සම්මාන වලින් පිදුම් ලැබු අතර ලංකාව බේරාගත් වීරයා (savior of Ceylon) ලෙස ඔහුව හදුන්වනු ලැබීය. 1967 දි ඔහු ලංකාව ට පැමිණි අතර ඉහල හරසර මැද පිලිගනු ලැබීය.
අප පෞද්ගලිකව කැමැති වුවත් නැතත් අතිශයින් කාර්ය්‍යක්ෂම ලෙසින් හා රණශූර අයුරින් අප හා සටහන් වැදුණු ජපන් හමුදාවට අපේ ගෞරවය හිමි වන බව මයිකල් මොම්ලින්සන් සිය ගවේශනාත්මක ග්‍ර‍න්ථයේ සදහස් කර සිටී.
යුධ ඉතිහාසයේ සිදු වු සුවිශේෂ මෙහෙයුමක් ලෙස ජපන් හමුදා විසින් සිදුකල මෙම ප්‍ර‍හාරය ඉතිහාසයට එක්වන අතර වසර 75 ගතවෙන මේ මොහොතේ එම ප්‍ර‍හාර වලින් මිය ගිය දේශීය විදේශීය ජාතිකයින් මේ මොහොතේ සිහිපත් කල යුතුයි. 




සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි !

සමන් ගිර: ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි ! : ජපනුන් කොළඹට බෝම්බ දමා වසර 75 යි ! හරියට අදින් වසර 75 ක පෙර අප්‍රේල් මස 5 වැනි දිනයි ! ආසියා ...